Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th October 2023 15:15:13 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 44 වන සංවත්සර දිනය සමරයි

1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 2023 සැප්තැම්බර් 01 වන දින සිය 44 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. අණදෙන නිළධාරිණී මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිගේ මඟපෙන්වීම යටතේ ප්‍රශංසනීය වැඩසටහන් රැසක් පැවැත්විණි.

ලේ දන් දීමේ වැඩසටහන : ප්‍රජා සත්කාරයක් ලෙස නාරාහේන්පිට ලේ බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් අගෝස්තු 15 වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුරු පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 වන කාන්තා බලකායේ නිලධාරිණීන් සහ සෙසු නිලයින් ඇතුළුව පරිත්‍යාගශීලින් 80කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කරන ලදී.

බෝධි පූජාමය පිංකම: මෙම බළකායේ අණදෙන නිළධාරිණිය ඇතුළු සියලුම නිලයින් වෙත ආශිර්වාද ලබා ගැනීමේ අරමුණ ‍පෙරදැරි කරගනිමින් හේවිසි පූජාව,අෂ්ඨපාන පූජාව සහ ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම 2023 අගෝස්තු 26 වන දින උඩුපිල අනගාරික මහමෙව්නා අසපුවේහිදී සිදු කරන ලදී.

සංවත්සර දින සැමරුම : 2023 සැප්තැම්බර් 1වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායන් අනුව අණදෙන නිලධාරිණිය හට සම්මාන මුරයක් පවත්වා සියලු නිලයන් ඇමතීමෙන් පසු සම්ප්‍රදානුකූලව සියලු නිල තේ පැන් සංග්‍රහය පවත්වන ලදි.

වෙරළ පිරිසිදු කිරීම : පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ පාරිසරික වැඩසටහනට අත්වැලක් ලෙස 2023 සැප්තැම්බර් මස 7 වන දින මෙම ඒකකයේ නිලධාරිණීන් හා සෙසු නිලයින් විසින් දෙහිවල-ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

සියලු නිල සුහද හමුව : 1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණීන් හා සෙසු නිලයින් අතර සුහදත්වය වර්ධනය කරමින් සියලු නිල සුහද හමුව මින්නේරිය "ද හයිඩ්" හිදී පවත්වන ලදි.

මේ අයුරින් 1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 44 වන සංවත්සරය අති උත්කර්ශවත් අයුරින් පැවැත්විය.