Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

30th April 2019 07:44:28 Hours

සේවා වනිතා අවුරුදු කුටිය

ආරක්ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද අවුරුදු පොළ 2019 අප්‍රේල් මස 09 දින ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩා පිටියේ පෙරවරු 0800 සිට පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සඳහා ද මෙහි කුටියක් වෙන්කර තිබූ අතර එහි අවුරුදු රස කැවිලි අඩු මිලට පාරිභෝගිකයන් වෙත ලබාදිය හැකි අයුරින් සකස් කර තිබුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ප්‍රියමාලි මුදන්නායක මැතිණිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගි විය. තවද 2019.04.12 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද අවුරුදු පොළෙහිද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙත කුටියක් වෙන් කර තිබුණි.