Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

31st October 2019 10:46:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛා සාමාජිකාවන් ලෝක ළමා දිනයට සමගාමීව පාසල් උපකරණ හා ත්‍යාග බෙදා දීමේ උත්සවයක් සංවිධානය කරයි

ලෝක ළමා දිනයට සමගාමීව 2019 ඔක්තෝම්බර් මස 19වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛා සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිනියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවයේ නියුතු සෙබළියනගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන් 20 දෙනෙකුට පාසල් උපකරණ හා ත්‍යාග බෙදා දීමේ උත්සවයක් ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රීලයුකාබ සේවා වනිතා සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිණිය සහභාගී වු අතර, කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී, මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රීලයුකාබ , ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ශ්‍රීලයුකාබ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරිනියන් සහ සෙසුනිළයින් ද සහභාගී විය.

පාසල් උපකරණ හා ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව කුඩා දරුවන් සඳහා සංවිධානය කරන ලද මැජික් සංදර්ශණයකින් හා විවිධ විනෝද කාමී අංගයන් කිහිපයකින්ද මෙම උත්සවය සමන්විත විය.