Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

28th January 2020 16:21:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ 17 වන සභාපති තුමිය වශයෙන් රමණි දෙමටන්පිටිය මැතිණිය ධූරයේ වැඩ භාරගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ 17 වන සභාපති තුමිය වශයෙන් රමණි දෙමටන්පිටිය මැතිණිය ධූරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පිළිගැනීම සහ 2020 වර්ෂයේ සේවා වනිතා ශාඛාවෙහි ප්‍රථම සැසි වාරය 2020 ජනවාරි මස 08 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේදී පැවැත්වුණි. රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැසිවාරය සඳහා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිණිය වන තුෂාරි දිසානායක මැතිණිය ද සහභාගී වූ අතර, මෙහිදි 2020 වර්ෂයේ දී සේවා වනිතා ශාඛාව තුලින් සිදු කිරීමට නියමිත ඉතිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කරන්නටද යෙදුණි.