Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

26th September 2023 09:38:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යමලී විජේසේකර මැතිනියගේ මඟ පෙන්වීම හා ප්‍රධානත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 05 හි නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් 34 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සදහා විශේෂ වැඩසටහනක් 2023 සැප්තැම්බර් 26 වන අගහරුවා දින පවත්වන ලදී. ඒ් අනුව රෝහල් සංචාරයේ නිරතවූ සභාපතිතුමිය විසින් නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් සහ කාර්ය මණ්ඩලයෙහි සුවදුක් විමසන ලද අතර ඔවුන් සදහා විශේෂ සංගීත වැඩසටහනක් සහ තේ පැන් සංග්‍රහයක් ලබා දෙන ලදී.

මෙහිදී තවදුරටත් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර ආඥාපතිගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි රෝහලට අයත් වතුර ටැංකිය සහ ප්‍රතිසංස්කරණය කිරීමට තිබූ ස්ථානයන් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් සෙනීන්ගේ දායකත්වය මත අලුත්වැඩියා කොට පිළිසකර කර දෙන ලදී. මෙම සමාජ සත්කාරය සදහා ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුලු සාමාජිකාවන් රැසක් සහභාගී වූ අතර වැඩසටහන අවසානයේ එම වාට්ටුව වෙත සහ රෝගීන් සදහා අත්‍යාවශය ද්‍රව්‍ය ඇතුලත් පරිත්‍යාගයන් රැසක්ද ප්‍රදානය කරන ලදී.