Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

28th March 2019 12:21:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහ සභා රැස්වීම - 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ 2019 වර්ෂයේ මහ සභා රැස්වීම සඳහා ගරු සභාපතිනි ප්‍රියමාලි මුදන්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු මස 25 දින කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේදි පවත්වන ලදි.

සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්විමෙන් හා මිය ගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් සුරැකීමෙන් අනතුරුව වාර්ෂික සභා රැස්විමේ කටයුතු ආරම්භ කරන ලදි. සභාවේ පළමු සැසිවාරය 2019 වර්ෂය සඳහා නව කාර්ය මණ්ඩලය පත්කර ගැනීම සඳහා වෙන් වු අතර, ගරු ලේකම් විසින් පසුගිය වර්ෂය සඳහා වු අයවැය වාර්ථාව සභාගත කිරිමද එහිදී සිදුවිය.

දෙවන සැසි වාරයේ දි “පෞරුෂත්වය සහ සමාජ චාරිත්‍ර විධි” යන මැයෙන් Olanway භාෂා හා තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ මෙන්ම එහි උපදේශකවරිය ද වන අරුණි වික්‍රමගේ මහත්මිය විසින් සාරවත් දේශණයක් පවත්වන ලදි. 2019 ජාත්‍යන්තර කාන්තා දිනයට අදාල මෙම වැඩසටහන සඳහා ලංකා බැංකුව, කොළඔ (උතුර) ශාඛාව විසින් අනුග්‍රාහක දායකත්වය සපයන ලද අතර, ලංකා බැංකුවේ විධායක නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයද මේ සඳහා සහභාගි විය.

2019 වාර්ෂික සභා රැස්විමේ නිමාව සනිටුහන් කරමින් ගරු සභාපතිනිය විසින් සහභාගි වු සියළු දෙනාට සිය ස්තුතිය පිරිනමන ලදි. සියයකට අධික නිළධාරිණියන් සහ සෙබළියන් පිරිසක් මේ සඳහා සහභාගි විය.