Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

30th April 2019 07:30:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අවුරුදු උත්සවය 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය මෙවරද 2019 අප්‍රෙaල් මස 07 වන දින කලුඅග්ගල කදවුරේ දී පැවැත්විණි. අවුරුදු උත්සවය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සෙaනාවිධායක බ්‍රිගෙඩියර් අdර් කෙa බී එස් කැටකුඹුර ආර්ඒස්පී හා එම මැතිණියද සහභාගී වූ අතර පළමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අණදෙන නිලධාරිණී මේජර් ජී ඒස් රන්කොත්ගේ විසින් ඔවුන් පිළිගන්නා ලදී.

මෙම අවුරුදු උත්සවය, පොල් ගෑම,කණා මුට්ටිය බිඳීම, විකට ඇදුම් තරගය,සිඟිති අවුරුදු කුමරා‍/කුමරිය, අවුරුදු කුමරිය, විවාහක අවුරුදු කුමරිය වැනි අවුරුදු තරඟ ඉසව් විශාල ප්‍රමාණයකින් සමන්විත වූ අතර පළමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් නිලධාරීන් හා සෙසුනිලයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.