Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

26th June 2024 21:37:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය 2024 සාර්ථකව නිමාවන ලදි.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්විම හා උපදෙස් මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකකයන් අතර පවත්වන ලද අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය-2024, ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කළුඅග්ගල හිදී 2024 ජුනි මස 14 වන දින අති සාර්ථකව පවත්වන ලදි.

මෙහිදි 1, 7 ශ්‍රිලයුකාබ සහ 2, 3 (සෙව්)ශ්‍රිලයුකාබ යන ඒකකයන් වෙතින් සරඹ කණ්ඩ 04 තරඟාවලිය සඳහා සහභාගි වුහ.ඒ අනුව සමස්ත ලකුණු තුළින් වැඩි ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමින් දක්‍ෂතම සරඹ කණ්ඩය ලෙස ශුරතාවය දිනාගනු ලැබුවේ පළවන යුද්ධ හමුදා කාන්තා බලකායේ සරඹ කණ්ඩය වූ අතර පලවන යුද්ධ හමුදා කාන්තා බලකා සරඹ කණ්ඩය සඳහා අණ දුන් කපිතන් මධූකා තෙන්නකෝන් නිලධාරිණිය දක්‍ෂතම සරඹ කණ්ඩය සඳහා අණදෙන නිළධාරිණිය ලෙස ද , 7 වන කාන්තා බලකා කණ්ඩයේ මා/සැරයන් ධර්මිණි එන් ජ්‍යෙෙකොනොනිවරිය දක්‍ෂතම සරඹ උපදේශකවරිය ලෙස ද තේරිපත්විය.

මෙම අවස්ථාව සඳහා රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහා අනෙකුත් කාන්තා බලකායන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරිණියන් ,රෙජීමේන්තු සැරයන් මේජර්වරිය ඇතුළු සෙසුනිලයන් රැසක් සහභාගි වුහ.