Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

15th November 2023 16:58:55 Hours

ශ්‍රීලයුකාබ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වැනි සංවත්සරය නිමිති කොටගෙන ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නොවැම්බර් 17 දිනට යෙදෙන 26 වැනි රෙජිමේන්තු සංවත්සර සැමරුම නිමිති කොටගෙන උදෑසන ‘වරු පිරිත්’ සජ්ඣායනයක් සහ වැඩම කල වදාළ මහා සංඝයා වෙත හීල් දානය (උදෑසන ආහාරය) පිරිනැමීමේ පිංකමක් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින උදෑසන කාලයේ දි බොරැල්ල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පි යූඑස්පී ආර්සීඩිඑස් පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආගමික වැඩසටහන සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරිනියන් සමඟින් සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

මෙහිදී සර්වඥ ධාතු කරඬුව සහ පැරැණි පිරිවාන පොත්වහන්සේ රැගත් සම්ප්‍රදායික හේවිසි වාදන ශිල්පීන්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙරහැරක් සමඟින් උදෑසන පිරිත් සජ්ඣායන සඳහා ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවන ලද අතර අනුශාසන දේශනාවකින් පසු නායක භික්ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය මහා සංඝරත්නය විසින් කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියලුම නිලයන් වෙතත් රෙජිමේන්තු නාමයෙන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ කාන්තා බලකායේ වීරවරියන් 25දෙනා වෙත සහ රෙජිමේන්තුවේ අනාගත අපේක්ෂාවන් සඳහා ආශිර්වාද කළහ. භික්ෂූන් වහන්සේලාට 'හීල් දාන' (උදෑසන ආහාරය) පිරිනැමීමත් සමඟ සංවත්සර උත්සවයේ ආගමික වතාවන් නිමාවට පත් විය.