26th November 2025 16:19:39 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු රැස්වීම 2025 ඔක්තෝබර් 31 වන දින බොරැල්ල රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, විධායක කමිටුවේ සියළුම සාමාජිකාවන් සහභාගී විය.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළු දෙනාගේම යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුඅණ කරගත් අනාගත ව්‍යාපෘත් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්විම ඵලදායී සංසදයක් සපයන ලදී. සේවා සහ බලගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ සාමුහික කැපවීම පෙන්නුම් කරමින් සාමාජීකාවන් නව්‍ය යෝජනා සහ උපායමාර්ගික අවබෝධයන් උද්යෝගයෙන් දායක විය.
මානුෂිය වටිනාකම් සඳහා සේවා වනිතා ශාඛාවේ කල් පවතින කැපවීම අනුකූලව, ක්‍රියා පටිපාටිය අතරතුර සුදුසුකම් ලත් යුද්ධ හමුදා සිවිල් සේවකයන් අතර වියළි සලාක මළු බෙදා දෙන ලදී. හය ශාඛාවේ උත්සාහයන් නිර්වඡනය කරන අනුකම්පාවේ සහ සමාජ වගකීමේ ආත්මය අවධාරණය කරන හෘදයාංගම ක්‍රියාවකි.
ඉදිරි මාසවලදී අරමුණු සහිත, තිරසාර සහ බලපෑමි සහිත සුභසාධන මුලපිරීම් හරහා ශ්‍රි ලංකා යුද්ද හමුදා කාන්තා බලකායේ දැක්ම සහ ආචාරධර්ම ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ස්ථීර කැපවීම සාමාජිකාවන් නැවත තහවුරු කරමින්, උත්සවය ආශ්වාදජනක සටහනකින් අවසන් විය.