Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th December 2023 15:25:04 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 23 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල්යු ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයෙන් නික්ම යන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 23 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යු ඩි විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයෙන් නික්ම යන ලදී. එම අවස්ථාව වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සමුගැනීමේ උත්සවයක් 2023 දෙසැම්බර් 11 වන දින පවත්වන ලද අතර එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළු නිලයන් විසින් එතුමන් වෙත කඳවුරු මුරයක් සහ සියලු නිල තේපැන් සංග්‍රහයක් ලබා දෙන ලදි.

තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් එතුමන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිලිගැන්වූ අතර එතුමන්ගේ සහ සේවා වනිතා ශාඛා සභාපතිනියගේ විශිෂ්ඨ සේවය අගයනු වස් විශේෂ සමරු තිලිණයක්ද එහිදී පිරිනමන ලදි.