18th January 2025 11:44:11 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි 28 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. 2025 ජනවාරි මස16 වන දින කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක් හා භඨපිරිස් ඇමතීමකින්ද ඇතුලත් වූ සම්ප්‍රධායානුකූල උත්සවයකින් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධුරයෙහි වැඩ භාරගන්නා ලද අතර,.රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සියළු නිලයින් සමඟ සාම්ප්‍රධායික තේපැන් සංග්‍රහයක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා කාන්තා බලකායෙහි ඉදිරි ක්‍රියා මාර්ග හා මූලික සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.