Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd May 2024 18:08:29 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සංකල්පයක් මත 2(සෙව්) ශ්‍රිලයුකාබ ඒකකය යටතේ රාජකාරී සිදු කරන ගර්භණි කාන්තා සෙබළියන් වෙත ළදරු ද්‍රව්‍ය සහ වියළි සලාක මල්ලක් ඇතුළු අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා බෙදාදේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ සංකල්පයක් සහ මගපෙන්වීම යටතේ 2 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරී කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් වෙත ළදරු ද්‍රව්‍ය සහ වියළි සළාක මල්ලක් ඇතුළු අත්‍යාවශය මූලික අවශ්‍යතා බෙදාදීම 2 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මැදවච්චිය කදවුරු තුල 2024 මැයි මස 15 වන දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ සහභාගී වූ අතර, 2 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි විසින් එතුමිය ඉතා උණුසුම් ලෙස පිළිගෙන ගර්භණි කාන්තා සෙබළියන් 16 වෙත ළදරු ද්‍රව්‍ය සහ වියළි සලාක මල්ලක් ඇතුළු අත්‍යවශය මූලික අවශ්‍යතා බෙදා දීමට ඇයට ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. තවද, මෙම වැඩසටහනෙන් අනතුරුව මැදවච්චිය රෝහලෙහි මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනි ඕෂනි ආරච්චිගේ විසින් හරවත් දේශණයක් මෙම ඒකක ගර්භණි මාතාවන් හා සෙබළියන් හට පවත්වන ලදි.