27th August 2024 13:10:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීණියන්ගේ පෞර්ෂත්වය , වෘත්තීය කුසලතාවයන් සහ ඉදිරි ප්රගමනය වර්ධනය කිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2024 හි දෙවන කාර්තුව සදහා වන නිලධාරීණි පුහුණු දින වැඩසටහන 2024 අගෝස්තු මස 14 වන දින බොරැල්ල ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණයෙන් පැවැත්වූ මෙම පුහුණු වීම් දින වැඩසටහන සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීනියන් රැසක් සහභාගි වූහ.
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් ඊඑම්එච්සී ද සේරම් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිණි විසින් “භෝජනාගාර පිළිවෙත් සහ නිළධාරීන්ගේ පැවැත්ම" යන මැයෙන් වැඩසටහනේ ප්‍රථම දේශනය සිදු කරන ලදී. දිවා ආහාරයෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක සහ ප්‍රකාශක වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් එම්බීබීඑන් හේරත් ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තම අත්දැකීම් සහ දැනුම තුලින් පුහුණු දින වැඩසටහනේ දෙවන අදියර සදහා “විදේශ රාජකාරී සහ ජාත්‍යන්තර ආරක්ෂාව සදහා හමුදා කාන්තාවන් ” මැයෙන් හරවත් දේශනයක්ද පවත්වන ලදී.
පුහුණු දින වැඩසටහනේ අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් “හමුදා නායකත්වයේ ප්‍රායෝගික පැති” පිළිබඳ විශේෂ දේශනයක් සහ ශ්‍රිලයුකාබ නිලධාරිනියන් විසින් පාඨමාලා හැදෑරීමේ වැදගත්කම පිළිබඳවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අනාගත අභිවෘද්ධිය පවත්වා ගත යුතු ආකාරය පිළිබද හරවත් දේශනයක් ද පවත්වන ලදී. තවද වැඩසටහන අවසානයේ මෙයට සමගාමීව නිලධාරීන්ගේ සුහද හමුවක්ද රෙම ශ්‍රීලයුකාබ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.