Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st June 2019 22:05:56 Hours

පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලා සහතික පත් ප්‍රදානෝත්සවය

යුද්ධ හමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන විරු කැකුළු පෙර පාසල් සඳහා ගුරුවරියන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් අනුයුක්ත කිරීම සඳහා පැවැත්වූ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත්විය. කාන්තා සෙබලියන් 20 දෙනෙක් සහභාගී වූ මෙම පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය 2019 මැයි මස 15 දින පැවැත්විණි. පාඨමාලාව පුරා පැවති විවිධ ක්‍රියාකාරකම්, ව්‍යාපෘතීන්, අභ්‍යාස සහ අවසන් පරීක්ෂණ තුලින් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය කාන්තා සෙබල ජයසුන්දර ජේ එම් ඊ එන් (7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය) විසින් ද දෙවන ස්ථානය ආධුනික කාන්තා සෙබල ජයවර්ධන ජේ එල් එච් එම් (7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය) විසින් ද ප්‍රථම ස්ථානය කාන්තා සෙබල මධුෂාණි ජී ඩබ් සී (1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය) විසින් ද හිමිකර ගනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයේ පුර්ණ අධීක්ෂණය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ සය මසක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා අනුග්‍රාහකත්වය සහ උපදේශකත්වය ජයසේකර කළමනාකරණ ආයතනය විසින් සපයන ලදී.