Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

26th May 2024 13:34:13 Hours

පළවන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණියගේ නිල කඳවුරු සංචාරය

පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණිය මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 29 වන අණදෙන නිලධාරිණී ලෙස අභිනවයෙන් සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව 2024 මැයි මස 16 සහ 17 යන දෙදින තුල, මෙම ඒකකයට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කලුඅග්ගල මෙන්ම දැනට යුද්ධ හමුදා ජනපදය පනාගොඩ රාජකාරි නියුතු නි/සෙසුනිලයින් ආමන්ත්‍රණය කරන ලද අතර, එහිදී රැකියාවේ ඇති වැදගත්කම, සුභසාධනය, මූල්‍ය කලමණාකරණය සහ තම රාජකාරි ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය යන දෙකෙහිම සෙබළියන් සමබරව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලදි. තවද, එහිදී නි/සෙසුනිලයින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කල අතර, ඔවුන්ගේ රාජකාරිමය මෙන්ම පුද්ගලික ගැටළුකාරී තත්වයන් පිළිබඳ ඒකක අණදෙන නිලධාරිණිය වශයෙන් සොයා බලන ලදි.