Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

23rd July 2024 16:45:21 Hours

නුදුරේ දී මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලද මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී හට රෙම ශ්‍රීලයුකාබ වෙතින් උත්තමාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම මාතෘ භූමියට අමිල සේවාවක් ඉටු කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධයක ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත උත්තමාචාර පිරිනැමීමේ උළෙලක් 2024 ජූලි 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බොරැල්ලේදී පවත්වන ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් බී ඒ ටී එස් කේ බස්නායක ආර්එස්පී යූඑස් අයිජී, ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර එහිදී එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මාතෘ භූමිය වෙනුවෙන් කාන්තා බලකා නාමයෙන් සිය ප්‍රාණ වායුව පුද කළ වීරෝධාර රණවීරවරියන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව සම්මාන පෙළපාලියක් ලබා දීදෙන් අනතුරුව සියලු නිලයන් ආමන්ත්‍රණය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ආරාධනා කරන ලදී. පසුව, සියලු නිළ තේ පැන් සංග්‍රාහයක් ද ලබා දෙන ලදී.

මෙයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් උසස් වීම් ලද මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් රොහාන් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී වෙනුවෙන් රෙම ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිලධාරී නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රාහයක් පවත්වන ලදී. මෙහි දී මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් වන පිණිස කර්නල් සේනාවිධායක විසින් මධ්‍යස්ථාන සේනාවිධායක වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී.