Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

21st January 2023 17:18:32 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ අභිමංසල III පාන්ගොල්ල සංචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ ගරු සභාපතිණිය වන හිමාලී පුස්සැල්ල මැතිණිය ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරී/කණිෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ සහභාගීත්වයෙන් 2023.01.21 වන දින අභිමංසල III පාන්ගොල්ලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක් සිදු කරන ලදි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත මෙම උත්සවය සිදු විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තු - සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මිය සහභාගී විය.

මෙහිදී සියලුම සාමාජිකාවන් නේවාසිකව ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන් හට තෑගි පාර්සලයක් බෙදා දෙමින් සුහදශීලී කතාබහක යෙදුණු අතර ඉන් පසු සියලු දෙනා හට තේ පැන් සංග්‍රහයක් සිදු කරන ලදි.

මේ සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි විය. අවසන් වශයෙන් අභිමංසල III පාන්ගොල්ල නේවාසික නිකේතනය වෙත පොදු පරිත්‍රාග භාණ්ඩයක් බෙදා දීමෙන් පසු සංගීත සැසියකින් උත්සවය අවසන් විය.