Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

16th January 2023 12:15:21 Hours

තරුණ නිලධාරීන් 09දෙනෙකු යාන්ත්‍රික පාබල තරුණ නිලධාරී පාඨමාලා අංක 11 සාර්ථකව සම්පූර්ණ කරන ලදි.

පෙරියකඩ්ඩු යානත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ලද තරුණ නිලධාරී පාඨමාලාව මාස පහකට ආසන්න කාල සීමාවක් තුල සාර්ථකව අවසන් කල යාන්ත්‍රික පාබල තරුණ නිලධාරීන් 09 දෙනෙකු සදහා සහතික ප්‍රධානය 2023.01.07 වන දින වර්ණවත් සමාප්ති උත්සවයකින් අවසන් විය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එච්ඒඒඑන්සී ප්‍රභාත් යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් එතුමන් එම අවස්ථාව සදහා පිළිගන්නා ලදි.

සන්නද්ධ රථ රියදුරු සහ සංඥා වෙඩිකරු අධියරයන් මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සන්නද්ධ රථයන්හි සංග්‍රාමික හා යුධ උපක්‍රම දැනුමද මෙම පාඨමාලාවට ඇතුලත්ය. මාස පහකට අධික කාලසීමාවක් තුල තරුණ නිලධාරීන් හට ඔවුන්ගේ දැනුම සහ කුසලතාව වැඩි දියුණු කර ගැනීම සදහා මෙම පාඨමාලාව උපකාරී විය.

ඕනෑම ක්‍රියාකාරී පරිසරයක නිරත විය හැකි තරුණ නිලධාරියෙකු මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අනාගත නායකයින් ලෙස තරුණ නිලධාරීන්ගේ වගකීම පිළිබදව මෙම උත්සවය ඇමතූ ප්‍රධාන ආරාධිතයා වන යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් සදහන් කරන ලදි.

යාන්ත්‍රික පාබල තරුණ නිලධාරී පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 09 දෙනෙකු අතරින් 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතන් ටීඒඑන්එස්බී තිබ්බටුමුණුව ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදි. මෙම අවස්ථාව සදහා යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන්, සෙසු නිලධාරීන් සහ සෙසනිල උපදේශකයින් සහභාගි වන ලදි.

සහතිකපත් ප්‍රධානෝත්සවයට පෙර දිනයේ (06) යාන්ත්‍රික පාබල තරුණ නිලධාරී පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ අවසන් පර්යේෂණ වාර්ථාව ප්‍රධානය කිරීම හා කණ්ඩායම් ඉදිරිපත් කිරීම සිදුකරන ලදි. අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සදහා යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ ආරාධනයෙන් 213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජීජේඑන්ඩබ්ලිව් ප්‍රනාන්දු යූඑස්පී යූඑස්ඒ යූඑස්ඒසී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද මෙම අවස්ථාවට සහභාගි වන ලදි.