Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

09th January 2023 15:47:37 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ නව සභාපතිනිය ලෙස හිමාලි පුස්සැල්ල මහත්මිය වැඩ භාර ගැනීම.

යාන්ත්‍රික පාබල සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස හිමාලි පුස්සැල්ල මහත්මිය වැඩ භාරගත් අතර එම උත්සවය 2022 දෙසැම්බර් මස 05 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දෙහිප්පාව නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පැවැත්විණි. චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව අවස්ථාවේ වැඩ කටයුතු ආරම්භ කළාය.

ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන නිලන්ති වනසිංහ මහත්මිය විසින් නව සභාපතිනිය ඇතුළු පිරිස පිළිගත්හ. නව සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මිය සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, අමතා තමන් කාන්තා සමාජයේ සභාපතිනිය ලෙස කටයුතු කරන කාලය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි විස්තරයක් කළාය. සමාරම්භක රැස්වීමේදී සියලුම සාමාජිකාවන් නව සභාපතිනිය හට සිය සුබ පැතුම් එක් කළහ. සමාප්තිය සනිටුහන් කරමින් යාන්ත්‍රික පාබල සේවා වනිතා ශාඛාවේ ලේකම් ස්වර්ණමාලි ඒකනායක මහත්මිය ස්තුති කථාව සිදු කළාය.