Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

08th January 2023 06:02:26 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත නවතමයෙන් එක් වූ නවක නිලධාරීන් සඳහා හදුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත නවතමයෙන් ඇතුලත් වූ නවක නිලධාරීන් 09 දෙනෙකු සදහා 2023.01.07 සිට 2023.01.18 දක්වා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පිළිබද හදුන්වාදීමේ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමන් වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් රෙජිමේන්තුව වෙත නවතමයෙන් ඇතුලත්වූ නවක නිලධාරීන් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

දෙහිප්පාව නිලධාරී නිවස්න පරිශ්‍රෙය්දී මෙම වැඩසටහනේ සමාරම්භක දේශණය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පවත්වන ලද අතර මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් ද සහභාගී විය.