Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

03rd December 2022 09:53:41 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දහතුන්වන රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යාම

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දහතුන්වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය 2022.11.30 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.

ඉන් අනතුරුව දැයට සමුදුන් අභීත රණවිරුවන් සිහිකරමින් රනවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සන්නද්ධ රථ වලින් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ආචාරය ද එතුමන් හට පිරිනමනු ලැබීය.

සම්මාන පෙළපාලියෙන් පසුව නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බනි/සැරයන් නිවස්න දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලදි. අනතුරුව නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සියලු භට පිරිස් අමතමින් හරවත් දේශයක් සිදු කරන ලද අතර අනතුරුව නිළධාරී නිවස්නයේ සැවති දිවා භෝජන සංග්‍රහය සදහා සහභාගී වී අමුත්තන්ගේ පොතෙහි සටහනක් ද තැබුවේය.

අවසන් වශයෙන්, රෙජිමේන්තුවේ අනාගත අපේක්ෂාවන් සදහා සුභ පැතුම් පිරිනැමීමෙන් අනතුරුව, රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස සිදු කරන ලද කැපවූ සේවය අගය කිරීම සදහා මාර්ගය දෙපස සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඔහුට ආචාරය පුද කරන ලදි.