Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

18th June 2022 11:32:45 Hours

යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ 11 වන සේනාවිධායක ලෙස කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි නව සේනාවිධායක තනතුරේ රාජකාරි අරඹයි

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවට අයත් යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ 11 වන සේනාවිධායක ලෙස කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 ජුනි මස 15 වන දින යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානය පෙරියකඩ්ඩුහිදි තම රාජකාරි ආරම්භ කරන ලදී.

යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේඹක මේජර් එච්ජිඊ හපුකොටුව යාපාරෙ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, සේනාවිධායක තනතුරෙහි වැඩ භාර ගැනිම සනිටුහන් කිරිම පිණිස ප්‍රධාන දොරටුව අභියසදි පැළයක් රෝපණය කරන ලදි.

පසුව, කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි රාජකාරි භාරගැනීම සිදු කරන ලදී. පසුව නව සේනාවිධායක තුමන් විසින් සියලුම නිළධාරි සහ සෙසුනිළයින් ආමන්ත්‍රණය කරන ලද අතර අනතුරුව සියලු නිළයින් විසින් පිළිගන්වනු ලැබු සම්ප්‍රදානුකූලව තේ පැන් සංග්‍රාහය ස‍දහා සහභාගි විමෙන් පසු උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන ලදී.