Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

17th March 2022 11:41:13 Hours

ආසේමු (යා) වෙතින් පැවැත්වු චෙස් තරඟාවලියේ පලමු ස්ථානය ලබාගැනිම

ආසේමු (යා) ආඥාපති තුමන් වශයෙන් රාජකාරියේ නියුතු මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා ආර්ඩබිලිව්පි, ආර්එස්පි, එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ යාපනය ප්‍රදේශයේ භඨ පිරිස් වෙත චෙස් ක්‍රිඩා වැඩමුලුවක් 2022.03.07 වන දින සිට 11 වන දින දක්වා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දි පවත්වන ලදි.

මෙම චෙස් පුහුණු වැඩමුලුව යුධ හමුදා චෙස් කමිටු සභාපති මේජර් ජෙනරාල් ස්වර්ණ බෝතොටගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සෙබළුන් 22 දෙනෙකු සහභාගී වු අතර ඔවුන් චෙස් ක්‍රීඩා පිළිබඳව දැනුවත් කරන ලදී.

දින 5 ක පුහුණු සැසිය අවසානයේ සිසුන් අතර චෙස් තරගයක් පවත්වන ලදී. 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පාසෙ විදුරංග ජිආර් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.