Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

04th March 2022 11:48:31 Hours

යාන්ත්‍රික පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් විසින් 3 වන යාන්ත්‍රික පාබල ඒකකයෙහි කඳවුරු නිළ සංචාරය

යාන්ත්‍රික පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් විසින් 2022 පෙබරවාරි මස 17 සහ 18 දිනයන්හි 3 වන යාන්ත්‍රික පාබල ඒකකයෙහි කඳවුරු නිළ සංචාරයේ යෙදුනු අතර, එහිදි බළසේනාධිපති තුමන් පිළිගැනිම සඳහා සම්මාන මුරයක් පැවැත්වු ලදි. පසුව බළඇණියේ අණදෙන නිළධාරි තුමන් ඇතුලු සියළු නිළධාරි/සෙසුනිළයින් සමග සමුහ ඡායාරූපයකට පෙනි සිටිමෙන් පසු එම සංචාරය සනිටුහන් කිරිම වස් පැලයක් රෝපණයකර බළසේනාධිපති තුමන් විසින් සියළු නිළයින් ඇමතීමට කටයුතු කරන ලදි. අනතුරුව 2022.02.18 වන දින බළසේනාධිපති තුමන් විසින් මෙම ඒකක සි කණ්ඩායමේ ඛණ්ඩයන් ස්ථානගත කර ඇති, 24 සේමු - අම්පාර, 231 බසේමු - කල්ලඩි සහ 4 විබ - ත්‍රිකුණාමලය කඳවුරු වෙත ගොස් එම ඛණ්ඩයන්හි රාජකාරි කරනු ලබන භඨපිරිස් ඇමතීම සිදුකරන ලදි.