Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

25th April 2019 16:21:31 Hours

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු රණවිරුවාගේ නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අලුත්වැඩියා කරදෙයි

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින්හි නියැලී සිටියදී තමන් පැදවූ සන්නද්ධ රථය ත්‍රස්ථවාදීන් විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවීමෙන් දිවි පිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සැරයන් විජේකුමාර එස්එස් රණවිරුවාගේ අඩක් නිම කර තිබූ නිවසෙහි සියළු වැඩ කටයුතු සම්පූර් කර එම පවුලේ සාමාජිකයන් සදහා භාරදීමේ චාම් උත්සවයක් 2019.04.20 දින සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් ඒඑම්එස්බී අතපත්තු හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගි වූ අතර රෙජිමේන්තු අධිපති තුමන් විසින් නිලවශයෙන් නව නිවසේ යතුර මියගිය රණවිරුවාගේ බිරිද වෙත භාරදෙන ලදි.

යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත අදාල නිවසේ ඉදි කිරීම සදහා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මගින් මුදල් වැය කරන ලදි. ඉදිකිරීම් කටයුතු සදහා වූ පූර්ණ ශ්‍රම දායකත්වය යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් ලබාදී මියගිය සැරයන් විජේකුමාර එස්එස් ‍ගේ තුන්මස දානමය පිංකම යෙදී ඇති 2019 අප්‍රේල් මස 25 වන දිනට පෙර ඉදිකිරීම් අවසන්කර ලබා දීම සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සෙබලුන්ගේ ශ්‍රමදායකත්වය හා කැපවීම මහා පිටුවහලක් විය.