Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

30th March 2018 15:05:29 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හත්වන රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යාම

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හත්වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩිසි පීඑස්සී සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය 2018.03.17 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හේරත් එච්එම්යු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්ද්‍ර ආර්එස්පී විසින් රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන එතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සන්නද්ධ රථ වලින් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාරය පෙළපාලියේ ආචාරය ද එතුමන් හට පිරිනමනු ලැබීය.

සම්මාන පෙළපාලියෙන් පසුව නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මුරහල විවෘත කරන ලදි. අනතුරුව නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සියලු භට පිරිස් අමතමින් 'රෙජිමේන්තුවේ සංවර්ධනය උදෙසා පුහුණුව තුළින් වෘත්තීමය දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම' සියලුදෙනාට සිහිපත් කළහ.