Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

15th May 2023 16:04:37 Hours

විශ්‍රාම ගැනීම ජ්‍යෙෂ්ඨ නිලධාරී - බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් විශ්‍රාම දිවියට එලඹෙන බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 2023.05.11 සහ 12 දෙදින තුල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ගේ පූර්ව අනුමැතිය මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

අනතුරුව, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළ බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 2023.05.12 වන දින කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගය දෙපස රැඳී සිටි නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුභපැතුම් ගෞරවාචාර මධ්‍යයේ බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සිය රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යාම සිදුවිය.