Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

25th April 2019 16:35:49 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බක්මහ උළෙල සහ සියළු නිල සුහද හමුව

සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදා වු නව වසර සැමරීම වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද “යාන්ත්‍රික පාබල බක්මහ උළෙල - 2019” සහ සියළු නිල සුහද හමුව 2019 අප්‍රේල් මස 20 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එස්ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ සංවිධානය වූ මෙම බක්මහ උළෙලහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙජිමේන්තු අධිපති බ්‍රිග්‍රේඩියර් ඒඑම්එස්බී අතපත්තු සමඟින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ෆෙඩ්රිකා අතපත්තු මහත්මිය සහභාගි වූහ.

රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිළධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල්වල සහභාගීත්වයෙන් බක්මහ උළෙල හා සියළු නිල සුහද හමුව ඉතා සාර්ථකව පවත්ව ලදි.

මෙම බක්මහ උළෙලෙහි රබන් ගැසිම, කඹ ඇදිම, කොට්ටා පොර, ග්‍රීස් ගසේ නැගිම, අවුරුදු කුමරිය තේරිමේ තරගය, අලියාට ඇස තැබීම, බනිස් කෑමේ තරගය, ගම හරහා දිවීම, විකට ඇදුම් තරගය, බාධක දිවීම ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් සමන්විත විය.