Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

11th November 2021 13:33:42 Hours

යාන්ත්‍රික පාබල බලසේනාවේ බළෙස්නාධිපති 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 නොවැම්බර් 06 වන දින 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

ඒකක අණදෙන නිළධාරී වන ලුතිතන් කර්නල් නිරෝෂ් කාරියවසම් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බළසේනාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව යාන්ත්‍රික පාබල බලසේනාවේ බළසේනාධිපති විසින් බළඇණිය වෙත සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලද අතර අනතුරුව 2වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ සමූහ ඡායාරූපයන් සදහා පෙනි සිටින ලදී. ඉන් අනතුරුව පිළිවෙළින් අණදෙන නිළධාරීතුමාගේ දැනුවත් කිරීම, භඨ පිරිස් ඇමතීම සහ කඳවුරු සංචාරය සඳහා සහභාගී විය.