Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

23rd February 2022 17:11:50 Hours

4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සරය

4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සරය අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ඒඑස්ආර් රණසිංහ යුඑස්පි පිඑස්සි ගේ ප්‍රධානත්වයෙන් සහ සියලුම නිලධාරි, සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බළඇණි පරිශයේදි පවත්වන ලදි. අණදෙන නිලධාරි පිළිගැනිම සදහා කදවුරු මුරයක් පැවැත්වු අතර, බළඇණියේ සාමාජිකයින් සමහ සමුහ ඡායා රූපයක් සදහා පෙනි සිටිමෙන් පසු 14 වන සංවත්සරය සනිටුහන් කිරිම සදහා අණදෙන නිලධාරි විසින් පැලයක් රෝපණය කරන ලදි. පසුව බළඇණියේ සියලුම සාමාජිකයින් ඇමතිම සිදුකිරිමෙන් පසු සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සමග 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සර උත්සවය නිම කරන ලදි. .