Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

01st April 2018 14:45:05 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය 11 වන සංවත්සර උත්සව මාලාව

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් ආගමික වතාවත් මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පෙබරවාරි 23 දින සමරනු ලැබීය.සංවත්සර උත්සවයට සමගාමීව, රෙජිමේන්තුවට ආශිර්වාද පතා කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, දළදා මාලිගාව සහ ශ්‍රී මහා බෝධිය අභියස දී ආගමික වතාවත් සිදු කරන ලදී.

අනතුරුව, වහාකොට්ටේ රෝමානු කතෝලික දේවස්ථානයේ දී කිතුනු දේවමෙහෙයක් පැවැත් වූ අතර ගලේවෙල හින්දු කෝවිලේදි සහ පුවක්පිටිය මුස්ලිම් පල්ලියේදි හින්දු සහ මුස්ලිම් ආගමික වතාවත් ද සිදු කෙරිණි.

සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වූ අතර කඳවුරු සම්මාන මුරයක් හා සන්නද්ධ රථ පෙරටු කරගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස්ගෙන් සැදුම්ලත් වර්ණවත් ආචාරය පෙළපාලියක් ද එතුමන් හට පිරිනැමීය.

එදිනම රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සියලුනිල දිවා භෝජන සංග්‍රයක් පැවැත් වූ අතර එදින සන්ධ්‍යාවේ සියළු නිල සුහද හමුවක් හා වර්ණවත් සංගිත ප්‍රසංගයක් ද පැවැත් වුහ. මෙම සංවත්සර වැඩසටහනෙහි සියළු කටයුතු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්එම්යු හේරත් ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.