Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

11th November 2021 13:30:10 Hours

යාන්ත්‍රික පාබල බලසේනාධිපති තුමාගේ ඒකක සංචාරය

යාන්තික පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරී විසින් 2021 ඔක්තෝම්බර් මස 14 වන දින 4 වන බළඇනිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය ප්‍රථම නිල සංචාරය සදහා සහභාගි විය.

එදින ඒකක අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහිත රණසිංහ යුඑස්පි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරි විසින් බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව බලසේනාධිපති විසින් සිය ප්‍රථම සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලදී. ඉන්පසු අණදෙන නිලධාරී විසින් ඒකකයේ ඉදිරි සැලැස්ම පිළිබඳ හැඳින්වීමක් සිදුකරන ලදී. ඉන් අනතුරුව බලසේනාධිපති විසින් භටපිරිස් ඇමතීමක්, සිදුකර කඳවුරු නිරීක්ෂණ චාරිකාව සදහා සහභාගිවි අවසානයේ සිය සංචාරය පිලිබද අදහස් අමුත්තන්ගේ පොතේ සටහන් තැබිමෙන් පසු නිමා කරන ලදි.