ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ ප්රධානත්වයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් සමග මියගිය රණවිරුවන්ටපුෂ්පෝපහාර පුද කරයි
ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි මනෝරි වෙලගෙදර මැතිණියගේ සංකල්පයකට අනුව සේවා වනිතා සාමාජිකාවන් සමග එක්ව ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් මහනුවර දිස්ත්රික්කයේ හා ඒ අවට පදිංචි ක්රියාන්විතයේදී මියගිය හා අතුරුදහන් රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් එම රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් ඇතුළු ඥාතීන් 2023 ජුලි මස 29 වන දින මයිලපිටිය රණවිරු අනුස්මරණ ස්මාරකය වෙත ගෙන්වා පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහනක් සිදු කරන ලදී.