Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

14th March 2026 09:40:04 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද පහසු මිලට ආනයනය කරන ලද භාණ්ඩ වෙළදපොළ - 2026

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයින් හට පහසු මිලට භාණ්ඩ මිලදී ගැනීම ස‍දහා වු වෙළදපොලක් 2026 මාර්තු මස 01 වන දින මෙරුන්ස් ලෙගසි දේශණ ශාලාවේදී රෙජිමේන්තු සේවාවනිතා ශාඛා සභාපතිතුමිය සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා සේවාවනිතා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

තවද මෙම අවස්ථාව සදහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරින් මෙන්ම සෙසුනිලයින් සහභාගි වන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව වෙතින් සිදුකරන ලද මෙම පොල වෙතින් දැනට වෙලදපොල පවතින මිලට වඩා විශාල මිල අඩුකිරිමක් යටතේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ආහාර ද්‍රව්‍ය, ඇදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ වර්ග රැසක් අලෙවි කිරිම සිදුකරන ලද අතර,එමගින් උපයන මුදල් මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුල ඇති වු දිට්වා සුළි කුණාටු තත්වය හේතුවෙන් ආපදාවට ලක්වු අයවළුන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් යෙදවීම මෙහි ප්‍රධාන අරමුණ විය.

එදින පැවැත්වු වෙලදපොල වෙතින් භාණ්ඩ මිලදී ගැනීම සදහා කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් විශාල වශයෙන් සහභාගි වන ලදී.