Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

14th March 2026 09:12:43 Hours

අවුරුද්දකට අඩු වයසැති දරුවන් සහිත කමාන්ඩෝ සාමාජිකයින් හට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම

කමාන්ඩෝ රෙජිමේන්තුවේ වයස අවුරුදු 01 ට අඩු කුඩා දරුවන් සිටින පවුල් සදහා සහාය වීම අරමුණු කරගත් අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග වැඩසටහනක් 2026 මාර්තු මස 02 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මෙරූන් ලෙගසි ශාලාවේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ අවුරුද්දකට අඩු වයසැති දරුවන් සහිත කමාන්ඩෝ රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් 45 දෙනෙකුට සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට යුධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී මහතා සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එසේම ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි රන්දීමා පෙරේරා මහත්මිය, විධායක කමිටු සාමාජිකා ශ්‍රී දයානි දිසානායක මහත්මිය, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම වැඩසටහන තුලදී දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය ආනයනික ළදරු නිෂ්පාදන සහ ළදරුවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක භාණ්ඩ එම අයවළුන් වෙත බෙදා දෙන ලදී. ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නියෝජිත යසන්ත ඩයස් මහතා සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික හා ඔස්ට්‍රේලියානු දායකයන් විසින් මෙම භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.

මෙවැනි අර්ථවත් වැඩසටහනක් හරහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව නැවත වරක් කමාන්ඩෝ පවුලේ සාමාජිකයින්ගේ සුභසාධනය සදහා කැපවීම තහවුරු කරමින්, ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බව පෙන්වා දී ඇත.