26th February 2026 10:37:43 Hours
අවශ්‍යතා සහිත කමාන්ඩෝ සාමාජිකයන්ගේ ජීවන තත්වය ඉහල නංවාලීම වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි 18 දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම වැඩසටහන කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
මෙම උත්සවයට යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිළධාරීතුමන්, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිළධාරීතුමන්, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි රන්දිමා පෙරේරා මහත්මිය ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනා විධායක ඇතුළු නිලධාරීන් සහභාගී විය.
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම කෙටි උත්සව අවස්ථාවේදී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් හත් දෙනෙකු වෙත එක් අයෙකු සදහා රුපියල් 50,000/- බැගින් මූල්‍ය ආධාර ප්‍රධානය කරන ලදී.
කමාන්ඩෝ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතයේ අවශ්‍ය අවස්ථාවකදී මෙවැනි මූල්‍ය ආධාර ලබාදීම තුළින්, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ සුභසාධනය හා ජීවන තත්වය ඉහල නංවාලීමට තම කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කළේය.