26th February 2026 10:20:37 Hours
1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ක්රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්රස්ථවාදී ප්රහාරයකට ලක්ව තුවාල ලබා ආබාධිත තත්වයට පත්වීමෙන් පසු වෛද්ය හේතුන් මත විශ්රාම ගන්වා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මියගිය සෙ/554172 කෝප්රල් තල්ගස්පිටිය ඒපී ආර්එස්පී යන කොනොනිගේ ලගම ඥාතින් හට අත්යවශ්ය භාණ්ඩ ලබාදීම හා තත් කොනොනිගේ දුදරුවන් හට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛා ජ්යෙෂ්ඨ සාමාජිකා චම්පිකා පල්ලියගුරුගේ මහත්මියගේ සම්බන්ධිකරණය යටතේ සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්රමරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් 2026.01.24 වන දින රෙජිමේන්තු මධ්යස්ථානයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්රමරත්න ආර්එස්පී ජ්යෙෂ්ඨ නිලධාරි, ඇතුළු නිලධාරින් පිරිසක්ද සහභාගි වන ලදී.
තවද මෙම අවස්ථාවේදී තත් කොනොනිගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නවසෙහි වැඩකටයුතු නිමකර ගැනීම සහ ඔහුගේ බිරිද හට ස්වයං රැකියාවක් ආරම්භ කිරිමට අත්වැලක් වීම සබැදීව විශේෂ වශයෙන් සාකච්ඡා කරන ලදී.