31st January 2026 21:16:57 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛවේ වාර්ෂික මහසභා රැස්වීම 2026 ජනවාරි මස 18 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න දේශණ ශාලාවේදි පවත්වන ලදි. කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් පසුගිය සභා වාරයේ සිට මේ දක්වා සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබද සමාලෝචනය සිදුකිරිම හා ඉදිරි සැලසුම් වඩා සාර්ථකව ඉටුකිරිමේ අරමුණ පෙරදැරිව සේවාවනිතා ශාඛාවේ සභාපතිතුමිය හා සාමාජිකාවන් එක්ව මෙම මහසභා රැස්වීම පවත්වන ලදී.
මෙම වාර්ෂික මහසභා රැස්වීම සේවාවනිතා ශාඛාවේ සහාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, මේ සදහා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වන ලදී. තවද මෙම අවස්ථාව සදහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එස්එම් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වන ලදී.
පැමිණ සිටි සියළු දෙනා උණුසුම්ව පිලිගනිමින් පෙර වර්ෂයේ සිදුකල විවිධ සුභසාධන ක්‍රියාකාරකම් පිළිබදව ගරු සභාපතිතුමිය විසින් කෙටි සමාලෝචනයක් සිදුකල අතර, මෙම වාර්ෂික මහසභා රැස්වීමේදී පුරප්පාඩුව පැවති තනතුරු හා කමිටු සදහා සාමාජිකාවන් පත්කර ගැනීම සිදුකරන ලදී. තවද සාමාජිකාවන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් යුතුව සේවාවනිතා ශාඛාවේ ව්‍යවස්ථාව පිළිබද සංශෝධන කිහිපයක් සිදුකරන ලදී. අනතුරුව ඉදිරි කාලසීමාවේදී සිදුකිරීමට නියමිත වැඩසටහන් පිළිබදව ගරු සභාපතිතුමිය විසින් කරුණු ඉදිරිපත් කිරිම සිදුකරන ලද අතර, යෝජනා හා සාකච්ඡා වාරයේදී ඉදිරි කටයුතු සිදුකිරිම පිළිබදව වඩා සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
අවසාන වශයෙන් ගරු සභාපතිතුමිය විසින් ස්තුති කතාව සිදුකල අතර, එදින පැවති වාර්ෂික මහසභා රුස්වීම කමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරින්ගේ,සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සුභසාධනය සදහා සේවාවනිතා ශාඛාවේ නිරන්තර කැපවිම තහවුරු කල අතර, සියළු සාමාජිකාවන් අතර බැදිම ශක්තිමත් කරමින් පැමිණ සිටි සියළු දෙනා දිවා ආහාරය ලබාගැනිමෙන් අනතුරුව විසිර යන ලදි.