31st January 2026 20:54:06 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛවේ හිටපු සභාපතිනියන්ගේ සේවය ඇගයීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 17 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පවත්වන ලදි. මෙම සේවය ඇගයීමේ වැඩසටහන කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ වත්මන් සහාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, මේ සදහා සේවාවනිතා ශාඛාවේ හිටපු සභාපතිනියන් අතුරින්,
ඉන්ද්‍රාණි චන්ද්‍රවංශ මහත්මිය
සුජීවා නෙල්සන් මහත්මිය
රොසෙටා නුගේරා මහත්මිය
අනුජා ද සිල්වා මහත්මිය
සුභාෂිණි රාජපක්ෂ මහත්මිය
නිමාලි රණතුංග මහත්මිය
යන මහත්මීන් සහභාගි වු අතර, මේ සදහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් විශාල පිරිසක්ද සහභාගි වන ලදි.
තවද මෙම අවස්ථාව සදහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එස්එම් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඇතුළු නිලධාරින් පිරිසක්ද සහභාගි වන ලදී.
උත්සව අවස්ථාව සදහා පැමිණ සිටි කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු සාමාජිකාවන් විසින් හිටපු සභාපතිනියන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, පැරණි මතකයන් ආවර්ජනය කරමින් ඔවුන්ගේ සේවය ඇගයීමට ලක්කිරිම සදහා සමරු තිළිණ ප්‍රධානය සිදුකරන ලදි. යුද්ධ හමුදා වාද්‍ය කණ්ඩායම හා සංස්කෘතික කණ්ඩායම විසින් නර්ථන අංග හා ගායනයන් ඉදිරිපත් කරමින් උත්සව අවස්ථාව විචිත්‍රවත් කරන ලද අතර, තේපැන් සංග්‍රහයකින් පසු ගීත ගායනය හා නර්ථනයේ යෙදීමෙන් පසු මෙම විචිත්‍රවත් උත්සව අවස්ථාව සමාප්ත වන ලදී.