21st January 2026 11:32:09 Hours
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟ පෙන්වීම යටතේ සහ සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් යුතුව සේවාවනිතා ශාඛාවේ සාමාජිකයින්, මෑත කාලීනව සිදුවු සුළි කුණාටු තත්වයෙන් දැඩිසෙල පීඩාවට පත්වු සාමාජිකයින් හට සහන සැලසීම සදහා නිරික්ෂණ චාරිකාවක් හා සහන සැලසීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 19 වන දින පවත්වන ලදී.
දිස්ත්‍රික්ක කිහිපයක ඇතිවු නායයෑම් හා ගංවතුර තත්වයන් නිසා විපතට පත්වුවන් සදහා සහන සැලසීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරන ලදි. එහිදි සේවාවනිතා සභාපතිතුමිය ඇතුළු කණ්ඩායම විසින් නිවාස හා දේපල වලට සිදුවී ඇති හානි නිරික්ෂණය කරන ලද අතර, විපතට පත්වුවන්ගේ සුවදුක් විමසා අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරන ලදි. ඇතිවු සුළි කුණාටු තත්වයෙන් දැඩිලෙස පීඩාවට පත්වුවන් ලෙස පහත කමාන්ඩෝ සාමාජිකයින් හදුනාගෙන ඇත.
01. කපිතන් (උපා) කේඑච්වීඑච්ඒඑන් විතාරණ – 1 කරෙ (ගම්පොල) - සම්පූර්ණ නිවාස හානි සිදුව ඇති අතර, නායයෑම් අවදානම අති බැවින් ඉඩමෙන් ඉවත් විමට නියෝග කර ඇත.
02. බනි 1 ඒඑම්ජීපී මංගල කුමාර ආර්එස්පී යුඑස්පී – 2 කරෙ (දොළුව) - නිවස සම්පූර්ණයෙන්ම නායගොස් අති අතර, රතු නිවේදනය නිකුත් කරන ඇත.
03. සැරයන් අබේසිංහ බීඒඑම්ජීඑස්අයිආර්කේ – 2 කරෙ, (මහනුවර) - නිවසේ බිත්ති දැඩි ලෙස හානි වී ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.
04. කෝප්‍රල් සාරංග ඩබ්ලිව්ඒසී – 3 කරෙ, (කොත්මලේ) - නිවස ගිලා බැස ඇත; බිත්ති ඉරිතැලීම් නිරීක්ෂණය කර ඇත.
05. කෝප්‍රල් සීපීඑල් නියුන්හැල්ල ඩීජීසී – 1 සීආර්, (නුවරඑළිය) - බිත්ති වලට දැඩි හානි සිදුව ඇති අතර, රතු නිවේදනයක් නිකුත් කරන ලදි.
06. ලා/කෝ ගුණරත්න එච්එම්ඒඑස්එම් – 2 කරෙ, (රිකිල්ලගස්කඩ) - අධි අවදානම් ප්‍රදේශයක් බැවින් ඉන් ඉවත් කර දැනට කුලියට ගත් නවාතැන්පලක පදිංචිව සිටී.
07. ලා/කෝ පුෂ්පකුමාර කේඩීඩී – 2 කරෙ, (වැලිමඩ) - නායයෑමේ අවදානම ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.
08. ලා/කෝ වීරසිංහ පීජීඑල් – 3 කරෙ, (ගලහ) - නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.
09. ලා/කෝ රණවීර කේපීජීඑන්එම්කේ – 3 කරෙ, (දෙහිඅත්තකණ්ඩිය) - නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, රතු නිවේදනයක් නිකුත් කර ඇත.
10. ලා/කෝ දිසානායක බීඑම්ටීකේ – 3 කරෙ, (බොරලන්ද) - බිත්ති දැඩි ඉරිතැලීම් සිදුව ඇති අතර, තාවකාලිකව ඉවත් කර ඇත.
11. ලා/කෝ වික්‍රමසිංහ ඩබ්ලිව්එම්ජේකේඑම් – 3 කරෙ, (බදුල්ල) - ව්‍යුහාත්මක හානි හඳුනාගෙන ඇත; නැවත දැනුම්දෙන තුරු පදිංචි නොවන ලෙස දැනුම්දී ඇත.
12. ලා/කෝ විජේරත්න පීවයිජීපී – 4 කරෙ, (නාවලපිටිය) - නිවස ගිලා බැස ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.
13. සාසෙ සුගතපාල එම්ජීඅයිඑස් – 2 කරෙ, (වෙලම්බොඩ) - ආපදාවට ලක්ව තුවාල වීම හේතුවෙන් පාදය දණිහිසින් පහල කපා ඉවත් කරන ලද අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම නායගොස් ඇත.
14. සෙ/2137314 ආධුනික ජයරත්න ඩීජීඑම්එල් – රෙමකරෙ, (ගම්පොල) - නිවසෙහි බිත්ති පුපුරා හානි සිදුව ඇත.