Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

31st December 2025 11:10:29 Hours

මේජර් ජෙනරාල් නිලයට නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් පැවති සම්මාන උත්සවය

මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 දෙසැම්බර් මස 23 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමාන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවය පිරිනමනු ලැබීය.

ඒ අනුව, මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේනාවිධායක වශයෙන් රාජකාරි සිදු කරනු ලබන බ්‍රිගේඩියර් ආර් සී කරුණාරත්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී කඳවුරු මුරයකින් සහ සම්මාන මුරයකින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය.

එතුමන් කමාන්ඩෝ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිවංගත විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝහාර පුදකලේය. තවද ඒම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා නිලධාරි නිවස්නය ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරීන් සමගින් සාමුහික ඡායාරූපයකටද පෙනී සිටින ලදි.

මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා විසින්, Maroon Legacy දේශණ ශාලාවේදී කමාන්ඩෝ නිලධාරීන් හා සෙසුනිලයින් අමතමින් තම වසර තිස් තුනකට අධික සේවා කාලය සිහිගන්වමින් තම යුධ හමුදා ජීවිතයේ සාර්ථකත්වයට දායකත්වය දැක්වු කමාන්ඩෝ ප්‍රවීණයන්ට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, නිලධාරීන්ට, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ට සහ කොමිෂන් නොලත් නිලධාරීන්ට ඔහුගේ හදපිරි කෘතඥතාවය පළ කරන ලදි. එසේම, කමාන්ඩෝ සාමාජිකයෙකු වශයෙන් තම ගෞරවය රැකගැනීමට හා එකමුතු භාවයකින් යුතුව එකාවන්ව වැඩ කිරීමේ වැදගත්කම දැඩිව අවධාරණය කරමින් හරවත් දේශණයක් පවත්වන ලදී.

පසුව, කොනොනි සමාජ ශාලාවේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වු අතර එහිදි සියළුම නිලයින් සමඟ සුහදත්වය වර්ධනය කරගන්නා ලදී. තවද, මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් සී කරුණාරත්න ආර්ඩබ්ලිවිපී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, කමන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් යූ එස් පිලපිටිය ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන්ද රෙජිමේන්තු සැරයන් මේජර් හා සියළුම ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලයින්ගේ සහභාගීත්වයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලද කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් ගෞරවාචාරය පුදකරන ලද විශේෂිත වූ අවස්ථාවක් වශයෙන් පෙන්වා දිය හැකිය.