Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

16th December 2025 12:55:23 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවෙන් ආපදාවෙන් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරිම

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන්, රටේ මෑත කාලීන ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් වලට ආධාර කිරීම සඳහා මානුෂීය පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය.

අනුකම්පාව සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස, පීඩාවට පත් ප්‍රජාවන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට සහාය වීම සඳහා කොට්ට, ඇඳ ඇතිරිලි, නාන තුවා සහ නැමිය හැකි මෙට්ට ඇතුළු අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

මෙම භාණ්ඩ නිල වශයෙන් භාරදීම සිදු වූයේ කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය වෙත නිල වශයෙන් පරිත්‍යාග පිරිනැමීමත් සමඟය.

මෙම දායකත්වය, විශේෂයෙන් දුෂ්කර කාලවලදී ජාතික සුභසාධනය සහ මානුෂීය ආධාර සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි. අභියෝගාත්මක කාලවලදී සහයෝගය, සංවේදනය සහ අර්ථවත් සේවාවක් ලබා දෙමින් සේවාවනිතා ශාඛාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ දිගටම රැඳී සිටීන බව පිළිඹිබු කරයි.