Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

03rd October 2025 17:12:01 Hours

යුද්ධ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් අතර යෝග්‍යතාවය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වනු ලැබු Zumba නර්ථන පුහුණු සැසිය

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2025 සැප්තැම්බර් මස 16 වන දින 1530 පැයේ සිට 1630 පැය දක්වා කාලය තුල ගණේමුල්ල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා නිලධාරීන්ගේ කාලත්‍රයන් සඳහා Zumba නර්ථන පුහුණු සැසියක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි සවේන්ද්‍රිනි දිසානායක මහත්මියගේ සහභාගීත්වය අතිවිශිෂ්ට වූ අතර, ඇයගේ සහභාගීත්වය මෙම අවස්ථාවට මහත් දිරිගැන්වීමක් සහ වැදගත්කමක් එක් කළේය. ඇයගේ පැමිණීම කමාන්ඩෝ රෙජිමේන්තුවට සැබෑ ගෞරවයක් වූ අතර, සැබෑ නායකත්වය නිර්වචනය වන්නේ තනතුරු මගින් නොව ක්‍රියාවන් සහ අභිප්‍රායන් මගින් බව ඇගේ නිහතමානීකම මීට සාක්ෂියකි.

මෙම සැසිය ශාරීරික යෝග්‍යතාවය, විවේකය සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, එය සේවා වනිතා පවුල තුළ ප්‍රීතිය, මිත්‍රත්වය සහ ශක්තිමත් බැඳීම් පෝෂණය කරමින් සජීවී හා ජවසම්පන්න වාතාවරණයක් තුළ රණවිරු කාලත්‍රයන් එක් කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය ගණේමුල්ල දක්වා තම සාමාජිකයින් සමඟ ගමන් කිරීමට අමතර දුරක් පැමිණි සියලුම රෙජිමේන්තු සභාපතිනියන්ට කමාන්ඩෝ රෙජිමේන්තුව සිය අවංක කෘතඥතාව පළකරන අතර, මෙම උත්සවයේ සාර්ථකත්වයට ඔබගේ පැමිණීම සහ සහයෝගය ඉවහල් වූ බැවින්, සේවාවනිතා සාමාජිකයින්ගේ යහපැවැත්ම සඳහා ඔබගේ සැබෑ කැපවීම පැහැදිලිව පෙන්නුම් කරන ලදී.

සමින්දි වික්‍රමරත්න මහත්මියගේ දැක්ම අනුව ක්‍රියාත්මක වන මෙම මුලපිරීම අර්ථවත් හා ආකර්ශනීය ක්‍රියාකාරකම් තුළින් යුද්ධ හමුදා පවුලේ සුභසාධනය සෞඛ්‍යය සහ එකමුතුකම වැඩි දියුණු කිරීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවාවනිතා ශාඛාවේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.