03rd August 2025 09:36:38 Hours
1997 දෙසැම්බර් 4 වන දින මන්නන්කුලම් ප්‍රදේශයේ ජයසිකුරු මෙහෙයුමේදී මියගිය 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ (දිවංගත) ලුතිනන් එම් පී ද සිල්වා නිලධාරිගේ ආදරණීය මවට සහයෝගය දැක්වීම සඳහා, කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් රෝද පුටුවක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එස් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී. මෙම වැඩසටහන කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් මෙහෙයවන ලද අතර, සේවාවනිතා ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකාවන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් ආර් රාසික් ආර්එස්පී එන්ඩූ ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගී විය.
(දිවංගත) ලුතිනන් එම් පී ද සිල්වා නිලධාරිගේ මවට රෝද පුටුවක් සහ වියළි සලාක පරිත්‍යාග කිරීම තුලින් ඔහුගේ ජීවිත පරිත්‍යාගය සඳහා රෙජිමේන්තුව තුළ ඇති ගැඹුරු ගෞරවය සංකේතවත් කළ අතර, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ ආදරණීයන් සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නොසැලෙන සහයෝගය සිහිපත් කිරීමක් ලෙසද එම පරිත්‍යාග කිරිම සිදු කළේය.