06th June 2025 22:03:08 Hours
යුද්ධ හමුදා රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් W A S R විජේදාස WWV RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන හේතූන් මත වෛද්‍ය වර්ගකිරිම් ලබා සක්‍රිය සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිළිබදව සොයාබලා ඔවුන් දැනුවත්කර ඔවුන්ගේ ප්‍රශ්ණ හා ගැටළු වලට විසදුම් ලබාදීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් අධියරක් එතුමන්ගේ ප්‍රධානත්වයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවෙි හා විශේෂ බලකායේ නිලධාරින් සහ සෙසුනිළයින් අරමුණු කරගෙන 2025.06.04 වන දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (පුනරුත්ථාපන) කර්නල් එම් ඒ අයි ඒ ඩී ආර් එස් ඉරසිංහ ආර්ඩබ්ලිව්පී, කමාන්ඩෝ රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිතන් කර්නල් කේවීටීඑස් කැකුලාවල එල්එස්සී හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මානි 1 (රණසේවා) ලුතිතන් කර්නල් කේඑස් ප්‍රසාන්ත යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විෂයට සමගාමිව විවිධ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජනය කරමින් මාණ්ඩලික නිලධාරින්ද කමාන්ඩෝ රෙජිමේන්තුවෙි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින්ද සහභාගීවිය.
මෙම වැඩසටහන සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ හා විශේෂ බලකාගේ දැනට සේවයේ නියුතු අබාධිත නිලධාරීයෙකු හා සෙසුනිලයින් 101 දෙනෙකු පමණ සහභාගීවූ අතර, එම වැඩසටහන මගින් රණවිරුවන්ගේ සුවදුක් සොයා බලා වීමසීම හා යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය , සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය හා වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදාවෙි සාමාජිකයින් වෙත ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් හා යුද්ධ හමුදාව වෙතින් ලබාගත හැකි වරප්‍රසාද පිළිබදව දැනුවත් කිරීමේ හරවත් දේශණ එම අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින් විසින් පවත්වන ලදී.
තවද, එම වැඩසටහන සඳහා පැමිණි අබාධිත රණවිරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ දැනට ඔවුන් මුහුණපා ඇති ප්‍රශ්න හා ගැටළු පිළිබදව එම අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින් විසින් එම අවස්ථාවේදීම නිසි උපදෙස් ලබාදී නිසි කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් එම වැඩහටහන තවත් සාර්ථක කර ගැනීමට හැකිවූ අතර, මෙම වැඩසටහන් මාලාවේ තවත් අධියරයන් සියළු රෙජිමේන්තු ආවරණය වන පරිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.