05th May 2025 08:39:43 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් 2025 අප්‍රේල් 06 වන දින වාර්ෂික සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය අභිමානයෙන් පැවැත්වු අතර, සම්ප්‍රදාය සහ එකමුතුකම සැමරීම සඳහා සොල්දාදුවන්ගේ පවුල් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්රැස් කරන ලදී. මෙම උත්සවය සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ඉතා උසස් ලෙස සම්බන්ධීකරණය කරන ලදී.
මෙම උත්සවය ජාතියේ සංස්කෘතික උරුමය ඉස්මතු කළා පමණක් නොව, කමාන්ඩෝ පවුල තුළ මිත්‍රත්වය සහ උත්සවශ්‍රීය ද පෝෂණය කළේය.
මෙම අවස්ථාවට තවත් කීර්තියක් එක් කරමින්, 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී, සේවා වනිතා ශාඛාවේ විශේෂ ආරාධිත අමුත්තා සහ උපදේශක වශයෙන් සහභාගී වූ අතර, ඔහුගේ පැමිණීම රෙජිමේන්තුවේ ආචාර ධර්ම තුළ සම්ප්‍රදාය සහ සුභසාධනයේ වැදගත්කම අවධාරණය කළේය.
සේවා වනිතා ශාඛාවේ අඛණ්ඩ සුභසාධන වැඩසටහන්වල කොටසක් ලෙස, පාසල් යන වයසේ දරුවන් හට පැසල් උපකරණ හා පොත් පත් බෙදා දුන් අතර, සිවිල් කාර්ය මණ්ඩලයේ අමිල සේවය සහ කැපවීම අගය කරමින් වියළි සලාක මළු බෙදාදීම සිදුකරන ලදී.
උත්සව ජීව ගුණයට අනුකූලව, සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රාශියක් පවත්වන ලද අතර, සියලුම සහභාගිවන්නන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය ඒ සඳහා ලැබුණි. තරග ඉසව්වල ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කරන ලද අතර, එය සැමරුමට ප්‍රීතිය හා ප්‍රබෝධය එක් කළේය.
මෙම අමතක නොවන සිදුවීම, සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වය සහ දැක්ම තුළින් සිදුකිරිමට හැකිවූ අතර, මෙය කමාන්ඩෝ රෙජිමේන්තු පවුල නඟා සිටුවීම සඳහා සේවා වනිතා ශාඛාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කිරීමක් විය.