Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

26th April 2025 21:00:20 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව 2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 31 වන දින 1500 පැයට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සාර්ථකව පවත්වන ලදි. මෙම උත්සවය කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සේවාවනිතා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද සහභාගි වන ලදි.

මෙම වැඩසටහනේදි කාන්තා සවිබල ගැන්විම පිළිබද විශේෂඥවරියක් වන මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය විසින් හරවත් දේශණයක් පැවැත්වු අතර, ඇය ආත්ම විශ්වාසය,නායකත්වය, කුසලතා සහ චිත්තවේගය බුද්ධිය වර්ධනය කිරිම පිළිබද තම පුළුල් දැනුම බෙදාගන්නා ලදි.

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැති මෙම වැඩසටහන සදහා නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ භාර්යාවන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයේ භාර්යාවන්ද විශාල පිරිසක් සහභාගි වන ලදි. මෙම අවස්ථාවේදි ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කේක් කැපිමේ උත්සවය විචිත්‍රවත් කරමින් කමාන්ඩෝ රෙජිමේන්තු සංස්කෘතික කණ්ඩායම විසින් වර්ණවත් හා ආකර්ශනිය නර්ථන අංගයන් ඉදිරිපත් කරන ලදි.

තවද කාන්තාවන්ගේ ජයග්‍රහණය සහ සමාජයට දක්වන දායකත්වය සැමරිමේ වැදගත්කම සමන්දි වික්‍රමරත්න මහත්මිය විසින් අවධාරණය කල අතර, කාන්තාවන් සවිබල ගැන‍්විම සදහා සේවාවනිතා ශාඛාවේ නොසැලෙන කැපවිම අවධාරණය කරමින් හරවත් දේශණයක් සිදුකල මහචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය හට ඇයගේ කෘතඥතාවය පල කරන ලදි.

මෙම කාන්තා සවිබල ගැන්විමේ වැඩසටහන කමාන්ඩෝ රෙජිමේන්තු පවුල තුල කාන්තාවන්ගේ සමස්ථ සංවර්ධනය සහ සවිබල ගැන්විම සදහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව දරණ අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර, එමගින් ඔවුන්ට විශ්වාසය හා නායකත්ව වර්ධනය කරගැනිමට උපකාරි වෙි.