26th April 2025 20:48:21 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛවේ වාර්ෂික මහසභා රැස්වීම 2025 මාර්තු මස 31 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න දේශණ ශාලාවේදි පවත්වන ලදි. සේවාවනිතා ශාඛාවේ අතීත සමාලෝචනය කිරිම හා ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් එක්ව මෙම මහසභා රැස්වීම පවත්වන ලදී.
මෙම වාර්ෂික මහසභා රැස්විම සේවාවනිතා ශාඛාවේ සහාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වනේ පැවැත්වු අතර, මේ සදහා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වන ලදී. තවද මෙම අවස්ථාව සදහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එස්එම් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වන ලදී.
සේවාවනිතා ශාඛාවේ අඛණ්ඩ නායකත්වය පවත්වාගෙන යාම සදහාත් ඉදිරි සුභසාධන ව්‍යාපෘති ඉටුකිරිම සදහා මහත් රුකුලක් වීමේ අරමුණ ඇතිව මිලගට පැවතියේ කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ නව කමිටු සාමාජිකයින් පත්කර ගැනීමයි. ගරු සභාපති තුමියගේ සහ සාමාජිකාවන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් කමිටු සාමාජිකාවන් පත්කර ගැනීම සිදුවිය. අනතුරුව ගරු සභාපති තුමිය විසින් එකමුතුකමේ සහ ස්වෙච්ජා සේවයේ වැදගත්කම අවධාරණය කල අතර, ඉන් අනතුරුව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිම සදහා පැමිණසිටි සියළු දෙනාහට සභාවේ අවකාශය ලබාදුනි.
අවසාන වශයෙන් ගරු සභාපතිතුමිය විසින් ස්තුති කතාව සිදුකල අතර, එදින පැවති වාර්ෂික මහසභා රුස්වීම නව පරිපාලන පරිච්ජේදයක ආරම්භය සනිටුහන් කලා පමණක් නොව කමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ පවුල්වල සුභසාධනය සදහා සේවාවනිතා ශාඛාවේ අඛණ්ඩ කැපවිම තහවුරු කරමින් සියළු සාමාජිකයින් අතර බැදිම ශක්තිමත් කරමින් පැමිණ සිටි සියළුදෙනා දිවා ආහාරය ලබාගැනිමෙන් අනතුරුව විසිර යන ලදි.