12th March 2025 16:52:49 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම 2025 පෙබරවාරි මස 26 වන දින පස්වරු 1500 පැයට සේවාවනිතා ශාඛාවේ සභාපතිනිය ඇතුළු අනෙකුත් සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් සභාවේ මුලසුන හෙබවු අතර, කමාන්ඩෝ රෙජිමේනතු පවුල් වල සුභසාධනය වෙනුවෙන් සහාය වීම සදහා මෙම ශාඛාව දරණ අඛණ්ඩ උත්සාහයන් ඉස්මතු කරවීමට අදහස් දක්වමින් මාසික සභා රැස්වීම ආරම්භ කරන ලදී. මෙම මාසික සභා රැස්වීම සදහා අනෙකුත් සාමාජිකාවන් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වු අතර, එමගින් පුළුල් සහභාගිත්වයක් ලබාගත හැකි විය.
පළමුව ගැබිනි කාන්තාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩසටහන කෙරෙහි අවධානය යොමුකල අතර, ඔවුන් හට කෙසේ සහය වන්නේද යන්න සැලසුම් කිරිම හා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සබැදිව අවධාරණය කරන ලදී. තවද අධ්‍යාපනය හදාරනු ලබන දුදරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සව වැඩසටහනක් පැවැත්වීමටත් මුල්‍යාධාර ලබාදීමට සුදුසු අයවළුන් තෝරාගනු ලබන නිර්ණායක හා අරමුදල් රැස්කර ගැනීම සබැදිව විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.
තවද කාන්තා දින වැඩසටහන පිළිබදව ද සාකච්ඡා කරන ලද අතර, කමාන්ඩෝ රෙජිමේන්තු ප්‍රජාවේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව පියයුරු පිළිකා සබැදිව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්වීම සදහා ද මෙම සභා වාරයේදී සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව මීට පෙර සිදුකරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය ඉදිරිපත් කරමින් ජනවාරි මාසයේ සේවාවනිතා ශාඛාවේ අයවැය වාර්ථාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව කමාන්ඩෝ පවුලේ සමගිය වර්ධනය කිරීම උදෙසා ඉදිරියේදි පැවැත්වීමට නියමිත සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය සබැදිව සාකාච්ඡා කිරීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මාර්තු මාසයට අදාලව පැවති මාසික සභ රැස්වීම අවසන් කරන ලදී.